Zindagi Ka Safar Hai Ye Kaisa Safar
Koi Samjha Nahin Koi Jaana Nahin
Hai Ye Kaisi Dagar Chalte Hain Sab Magar
Koi Samjha Nahin Koi Jaana Nahin
ජීවිතය යනු සංචාරයකි, කිනම් ගමනක්ද එය.
කිසිවෙකුටත් නොවැටහෙයි, කිසිවෙකුත් නොදනියි.
මෙහි මාවතක් පවතියි, සැවොම ගමන් කළයුතු.
කිසිවෙකුටත් නොවැටහෙයි එය, කිසිවෙකුත් නොදනියි එය.
Zindagi Ko Bahut Pyaar Hamne Kiya
Maut Se Bhi Mohabbat Nibhaaenge Ham
Rote Rote Zamaane Mein Aaye Magar
Hanste Hanste Zamaane Se Jaaenge Ham
Jaaenge Par Kidhar Hai Kise Ye Khabar
Koi Samjha Nahin Koi Jaana Nahin
මම මෙම දිවියට බොහෝ සේ ආලය කරනෙමි.
මරණය පැමිණි කළ, එයත් මම වැළඳ ගන්නෙමි.
කදුලින් කදුලින්, මම මෙලොව එළිය දුටිමි.
සිනහවෙන් සිනහවෙන්, මම මෙලොව හැරයන්නෙමි.
යායුතු කාලය පැමිණි කල, කවුරුන් දනීද අප කොහේ යාදැයි.
කිසිවෙකුටත් නොවැටහෙයි එය, කිසිවෙකුත් නොදනියි එය.
Aise Jeevan Bhi Hain Jo Jiye Hi Nahin
Jinko Jeene Se Pehle Hi Maut Aa Gayi
Phool Aise Bhi Hain Jo Khile Hi Nahin
Jinko Khilne Se Pehle Fiza Kha Gai
Hai Pareshaan Nazar Thak Gaye Chaaraagar
Koi Samjha Nahin Koi Jaana Nahin
දිවි ගෙවන්නවුන් ඇත, ප්‍රාණය නොමැති සේ.
තවද මිය යන්නවුන් ඇත, දිවිය ගෙවීමට පෙර.
කුසුම් පවතියි, විකසිත නොවන්නා සේ.
තවද කුසුමක් පවතියි, ඔවුන්ගෙන් දිවිය උදුරාගනු ලබන.
ඕ දැනෙයි මට දොම්නසක්, මා දෙනෙත් වෙහෙසකරයි.
කිසිවෙකුටත් නොවැටහෙයි එය, කිසිවෙකුත් නොදනියි එය.
Zindagi Ka Safar.mp3 (Play Now)
චිත්‍රපටය : Safar
වර්ෂය : 1970
අධ්‍යක්ෂණය : Asit Sen
සංගීතය : Kalyanji Anandji
පද : Indeevar
ගායනය : Kishore Kumar
රංගනය : Rajesh Khanna, Sharmila Tagore