Papa Kehte Hai - The Turning Point of Udit Narayan


උදිත් නාරායන් නම් සුප්‍රසිද්ධ බොලිවුඩ් ගායකයා ප්‍රසංගයක් සඳහා ලංකාවට පැමිණ ගිය බව දැනගන්නට ලැබිණි. 80 දශකයේ අගභාගයේ සිට ඔහුගේ ගීත සිනමාපටවල අඩංගුවිණි. නමුත් ඔහු ඉන්දියානු සිනමාවට නැතිවම බැරි ගායකයෙක් බවට පත්වුයේ Qayamat Se Qayamat Tak චිත්‍රපටයට ගී ගැයුමෙන් පසුවය. Qayamat Se Qayamat Tak විසින් අමීර් ඛාන්ව පමණක් නොව උදිත් නාරායන්වද ඔසවා තැබීය. ඔබ මා විසින් මෙතෙක් පළකළ ලිපි සියල්ල පිරික්සුවොත් එහි වඩාත්ම ගීත ඇත්තේ උදිත් නාරායන් ලේබලය යටතේ බව දකිනු ඇත. ඔහුට ගරු කරනු වශයෙන් එක් ‍රැයින් ඔහුව ජනප්‍රිය කළ ගීතය මෙසේ ඉදිරිපත් කරනෙමු.

( Papa kehte hain bada naam karega 
Beta hamara aisa kaam karega
Magar yeh to koi na jaane
Ki meri manzil hai kahan ) -2
Papa kehte hain bada naam karega
තාත්තා නම් කියන්නේ, ඔහු ලොකු නමක් ඇතිකරාවි කියලා,
මගේ පුතා එවැනි වැඩක් කරාවි කියලා.
නමුත් මෙහි, කිසිවෙක් නොදනී.
මගේ අරමුණ කොතැනදැයි කියා.
තාත්තා නම් කියන්නේ, ඔහු ලොකු නමක් ඇතිකරාවි කියලා.
 

 
( Baithe hain milke sab yaar apne
Sabke dilon mein armaan yeh hai ) -2
Wo zindagi mein kal kya banega
Har ek nazar ka sapna yeh hai
Koi engineer ka kaam karega
Business mein koi apna naam karega
Magar yeh to koi na jaane
Ki meri manzil hai kahan
Papa kehte hain bada naam karega 
එකට හිඳගෙන සිටිති, මා මිතුරෝ සැවෝම.
සෑම කෙනාගේම හදේ මේ අරමුණ තියේ.
ජීවිතයේදී, ඔවුන් කවුරුන් වේවිද;
සෑම කෙනාම දකින්නෙ මේ සිහිනයයි.
සමහරෙක් ඉංජිනේරුවෙකු ලෙස වැඩකරාවි.
ව්‍යාපාරයකදී, සමහරෙක් ඔවුන්ගේ නම තබාවි.
නමුත් මෙහි, කිසිවෙක් නොදනී.
මගේ අරමුණ කොතැනදැයි කියා.
තාත්තා නම් කියන්නේ, ඔහු ලොකු නමක් ඇතිකරාවි කියලා.

( Mera to sapna hai ek chehra
Dekhe jo usko jhoome bahar ) -2
Gaalon mein khilti kaliyon ka mausam
Aankhon mein jaadu honthon mein pyaar
Banda ye khoobsurat kaam karega
Dil ki duniya mein apna naam karega
Meri nazar se dekho to yaaron
Ki meri manzil hai kahan
Papa kehte hain bada naam karega
මගේ සිහිනය එක් මුහුණකි.
එදෙස බැලීමෙන්, වසත්කාලය බරවෙයි.
ඇගේ කොපුල් මත, කුසුම් පුබුදින සමයයි.
ඈ දෙනෙතේ මායාවකි, දෙතොලේ ආලයකි.
වහලෙක් මෙම සුන්දර කාර්යය කරාවි.
හෘද ලොවෙහි, ඔහු හේ නාමය තබාවි.
මා දැක්මෙන් එදෙස බලන්න, මිතුරනි.
එයයි මා අරමුණ තිබෙන තැන.
තාත්තා නම් කියන්නේ, ඔහු ලොකු නමක් ඇතිකරාවි කියලා.
 

 බාගත කරන්න.
 
චිත්‍රපටය       :  Qayamat Se Qayamat Tak
වර්ෂය           :   1988
අධ්‍යක්ෂණය :  Mansoor Khan
සංගීතය        :  Anand-Milind
පද                :  Majrooh Sultanpuri
ගායනය        :  Udit Narayan 
රංගනය        :  Aamir Khan

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters