Gazab Ka Hai Din - සුවිශේෂි දිනයකි අද - Qayamat Se Qayamat Tak



හිතවත් මිතුරනි,
අදට hindigeetha.tk අඩවිය ආරම්භ කර සිව් මසකි. මෙම කාලය තුළ ගීත 80 කට වැඩි ප්‍රමාණයකට සිංහල වදන් යෙදීම සිදු කර ඇත. එහි තවත් ඉදිරි පියවරක් වශයෙන් අද සිට ‍තෝරා ගත් යුටියුබ් වීඩියෝවන් සඳහා සැකසු සිංහල උපසි‍රැසි ගෙන එනු ලැබේ. පළ කර ඇති ගීත සඳහා කාලය තිබෙන පරිදි (ඔබටද ඇවැසි නම් දායක විය හැක) පසුව උපසි‍රැසි යෙදීමට අදහස් කරමි. 


(Gazab ka hai din socho zara
yeh diwaanapan dekho zara
tum to akele ham bhi akele
mazaa aa rahaa hai
qasam se... ) -2
සුවිශේෂි දිනයකි අද, එය ගැන නිකමට සිතන්න.
මෙම උමතුව ගැන නිකමට බලන්න.
ඔබද හුදකලාවෙනි, මාද හුදකලාවෙනි.
විනෝද වෙමින් සිටිමු.
දිවුරමි.




සිංහල උපසි‍රැස බාගත කරන්න පහතින්,

(Dekh lo hamko qarib se
aaj ham mile hain nasib se) -2
yeh pal phir kahaan
aur yeh manzil phir kahaan
බලන්න, මා දෙස සමීපයෙන් සිට.
අද මට හමුවිණි, දෛවය හා.
මෙවන් මොහොතක් නැවත හමුවේවිද කවදා?
හා මෙම ගමනාන්තය, නැවත හමුවේවිද කවදා?
Gazab ka hai din...


(Kya kahuun mere jo haal hai
raat din tumhaara khayaal hai) -2
phir bhi jaan-e-jaan
main kahaan aur tum kahaan
කුමක් පවසම්ද, මා තත්වය ගැන ඔබට?
දිවා රාත්‍රි ඔබ ගැනම සිතමි.
එසේ වුවත්, ප්‍රියාදරිය.
කෙලෙස ඔබ හා මා එක්වන්නද?
gazab ka hai din...

Alternative Links:
Gazab Ka - video
Gazab Ka.mp3



චිත්‍රපටය        :  Qayamat Se Qayamat Tak
වර්ෂය           :   1988
අධ්‍යක්ෂණය :  Mansoor Khan
සංගීතය        :    Anand-Milind
පද                :  Majrooh Sultanpuri
ගායනය        :   Udit Narayan, Alka Yagnik
රංගනය        :  Aamir Khan, Juhi Chawla




සම්බන්ධිත ගීත:

  1. Ae Mere Humsafar - ඕ මගේ සහකාරිය
  2. Papa Kehte Hai - The Turning Point of Udit Narayan


2 Responses so far.

  1. සුබ පැතුම් ...අළුත් වෙනසත් එක්ක , මේ ගී  , තව තවත් ලංව රස විඳින්නට හැකි වේයැයි සිතනවා ...බොහොම ස්තුතියි ..හැමදාමත් වගේ අපි එනවා ඔබේ වෙහෙසේ පල ලබන්නට

  2. RaS says:

    බ්ලොගය ආරම්භ කළ මුල් කාලයේ සිටම ‍රැඳී සිටිමින් දිරිමත් කළාට ඔබටත් බොහෝ තුති.
    තවත් නව විශේෂාංග ඉදිරියේදී එක් කිරීමට බලාපොරත්තු වෙනවා.

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters