Pyar Hua Chupke Se - ආලය ඇතිවුවා නිසොල්මන්ව


Dil ne kaha chupke se yeh kya hua chupke se
kyon naye lag rahein hai yeh dharati gagan
main ne puuchha to boli yeh pagali pavan
pyaar hua chupke se yeh kya hua chupke se
හද පැවසුවා නිසොල්මන්ව,මෙය කුමක්දැයි, නිසොල්මන්ව සිදුවූ.
මිහිකත හා ගුවන එක්වරම නැවුම් සේ පෙනෙනුයේ මන්ද?
මා මෙය ඇසුවිට, උමතු පවන පැවසුවා.
ආලය ඇතිවුවා නිසොල්මන්ව, මෙය කුමක්දැයි, නිසොල්මන්ව සිදුවූ.



titaliyon se suna titaliyon se suna
main ne qissa baag ka baag mein thi ek kali
sharmili anchhuyi ek din man chala bhanvaraa aa gaya
khil uthi voh kali paaya ruup naya
tpuuchhti thi kali ki mujhe kya hua
phuul hansa chupke se pyaar hua chupke se 
මට ඇසුණා සමනළුනගෙන්...
ගෙඋයනක අන්දරය, ගෙඋයනේ තිබුණි මල් පොහොට්‍ටුවක්.
දිනක් ලජ්ජාශීලි පොහොට්‍ටුවට මීමැස්සෙක් පැමිණුනා.
පොහොට්‍ටුව විසල් ලෙස පුබුදුණා, නව රුවක් මැවුණා.
පොහොට්‍ටුව ඇසුවා, මට කුමක් සිදුවිණිද?
කුසුම සිනහසුණා නිසොල්මන්ව, ආලය ඇතිවුවා නිසොල්මන්ව.

main ne baadal se kabhi o main ne baadal se kabhi yeh kahaani thi suni
parvaton se ek nadi milne saagar se chali
jhuumati ghuumati ho naachati dolti
kho gayi apne saagar mein jaake nadi
dekhne pyaar ki aisi jaaduugari
chaand khila chupke se pyaar hua chupke se 
ඇතැම්විට, වලාවන්ගෙන්, මට ඇසුණා මෙම කතාව.
කඳුශිඛරක නදියක් තිබුණි, එය ගලාගියා සයුර හමුවන්නට.
එය ඇඹරුණා, විස්මිත වුණා; ඕ, එය ‍රැඟුවා, පැද්දුණා.
එතැනට පැමිණිපසු, සයුරෙහි නදිය නැතිවුණා.
ආලය, කුමන මායාකරුවෙක්දැයි දැකගැනුමට.
සඳ විසල්වුණා නිසොල්මන්ව, ආලය ඇතිවුවා නිසොල්මන්ව.

kyon naye lag rahein hai yeh dharati gagan
main ne puuchha to boli yeh pagali pavan
pyaar hua chupke se yeh kya hua chupke se


චිත්‍රපටය        :  1942: A Love Story
වර්ෂය           :   1994
අධ්‍යක්ෂණය :  Vidhu Vinod Chopra
සංගීතය        :   R. D. Burman
පද                :   Javed Akhtar 
ගායනය        :   Kavita Krishnamurthy
රංගනය        :   Manisha Koirala

2 Responses so far.

  1. මේ ගීතය වගෙම තව එකක් තිබුනා Rim Jim Rim Jim කියලා.පුලුවන්නම් ඒ ගීතයෙත් තේරුම දාන්න

  2. RaS says:

    ස්තුතියි වර්ණ ඔබට, මතක් කළාට.
    එම ගීතයත් ළඟදීම බලාපොරොත්තුවන්න.

Leave a Reply

Related Posts Plugin for WordPress, Blogger...

හුදෙක් රසවින්දනය උදෙසා හින්දි ගීතයෙහි ආසන්න සිංහල අර්ථය
(වාක්‍යමය වශයෙන්) ගීතය සමඟ දක්වා ඇත.දෝෂ තිබේනම් එය පෙන්වාදෙන්න.

    free counters